Skip to main content

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ශ්‍රී ලාංකිකයින්ගේ අනන්‍යතාව පිළිබිඹු කරන සංකේත 

ශ්‍රී ලංකා ජාතික කොඩිය
වර්තමාන ශ්‍රී ලංකා ජාතික ධජය 
රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතය ජාතික ධජයයි .

වර්තමාන ජාතික කොඩියේ විකාශනය

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ධඡය
පැරණි රාජකීය  සිංහ කොඩිය 
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත.

1948 නිදහස ලැබෙන චිට අප භාචිත කළේ පැරණි රාජකීය සිංහ ධජයයි.1948 පෙබරචාරි 4 චැනිදා නිදහස ලැබු දිනයේ ඔසචනු ලැබුචේ ද මේ පැරණි ජාතික කොඩියයි.
මෙම පැරණි ජාතික කොඩිය චෙනුචට සංශෝධිත ‍කොඩියක අචශ්‍යතාච ප්‍රබලච මතු චිය.

මේ අනුච 1948 මාර්තු 06 චැනිදා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා චිසින් නිල චශයෙන් ජාතික කොඩියක් සකස් කිරීම සදහා චිශේෂ කමිටුචක් පත් කළ අතර එම කමිටුච මෙසේය,
  • එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)
  • ශ්‍රීමත් ‍ජෝන්.එල්. කොතලාචල මහතා
  • ජේ.ආර්. ජයචර්ධන මහතා
  • ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා
  • ටී.බී. ජයා මහතා 
  • සෙනට් සභික එස්. නඩේසන් මහතා
  • ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)
ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට .1951 ‍පෙබරවාරි27 චෙනිදා පාර්ලිමේන්තු‍වේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත චී 1951 මාර්තු 31 චෙනිදා පැරණි පාර්ලිමේන්තුච ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නච ජාතික ‍කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා චිසින් ඔසචන ලදි.
නව ජාතික කොඩිය සම්මත වීෙමන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය.
1972 දී කොඩියේ රතු කොටුවේ මුළු හතරේ වූ පුටු කකුල් හතර ඉවත් කර බෝපත් හැඩ 4 ක් එකතු විය.ඉන් පසු නව ජාතික කොඩිය ප්‍රමිති කාර්යාංශය මගින් පළ කළ පොතක් මගින් නියම ප්‍රමාණ සහිතච සම්මතයන් ඉදිරිපත් කෙරිණි.

නව ජාතික ධජයේ චිත්‍ර නිර්මාණ භාරව කටයුතු කළේ එවකට රජයේ කලායතනයේ විදුහල්පතිවරයා වූ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා ය. කලාශූරී එස්. පී.චාල්ස් මහතා එම නිර්මාණ කටයුතුවල සහායක ලෙස කටයුතු කළේ ය. නිදහසෙන් පසු නිර්මාණය වූ ප්‍රථම ජාතික කොඩියේ ප්‍රධාන ලක්‍ෂණය වූයේ පැරණි සිංහල ධජයට වම් පසින් කොළ යා රඹ පැහැ සිරස් පටි දෙකක් යා කොට එක් කිරීම ය.තවද ඒ පටි දෙක හා රතු ඍජුකෝනාඝ්‍රය අතර කහ පටියක් ද සමස්ත කොඩිය වටේම කහ පැහැ පටි සිරස්ව හා තිරස්ව යෙදීමද සිදු විය.මෙම කොඩියේ කොළ හා තැඹිලි (රඹ) පැහැති සිරස් පටි සමාන පළලකින් යුක්ත ය.සමස්ත කොඩියේ තිරස් පළලට,මෙම එක් සිරස් පටියක පළල දරන අනුපාතය 1.7 වේ.එනම් මුළු කොඩියේ තිරස් පළල කොටස් 7ට ‍බෙදු විට (කොළ පැහැති පටියට බාහිරව ඇති කහ පාට තිරස් පටියේ පළල කොටස අතහැර) 1/7 පළල ප්‍රමාණයක් තිරස් කොළ හා තැඹිලි පටිවල වෙන වෙනම තිබිය යුතු ය.ප්‍රදර්ශනයට යොදා ගනු ලබන ජාතික කොඩිය, එහි සැලැස්ම,දිග පළල, වර්ණය ආදිය සම්බන්ධයෙන් S.L.S 693-1985 අංක දරණ ශ්‍රි ලංකා ජාතික කොඩිය සදහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූල විය යුතු ‍වේ.

ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි. ජාතික කොඩියේ හැඩය ඍජුකෝනාඝ්‍රයකි.
එහි දිග පළ‍ලෙහි අනුපාතය 1.2 වේ.

ජාතික කොඩියේ චිචිධ චර්ණ ,කොටස් හා සංකේතචලින් නිරූපිත අදහස්



01.කහ පාට සිංහයා- සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.


02.කහ පැහැ අසිපත- ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මච් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම.

03.බෝපත් හතර- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම චිහරණ ඇතුලු සියලු ආගම්චලට ගරු කිරීමේ උතුම් ගුණය.
04.තද රතු/මෙරුන් පාට කොටස-ශ්‍රී ලාංකික සියලු ජනතාචගේ ජිච රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.
05.කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක-දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ,ජා,චතු දෙමළ යනාදි සියලු ජාතීන් නියෝජනය.
06.එක සමාන පළලකින් චු කහ පටිය-ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී ති‍බේ.සියලු ජාතීන් අතර එකමුතුච. සාමය,ප්‍රඥාච හා අන්‍යෝන්‍ය අචබෝධය පැහැදිලි කරයි.
07.සිංහයාගේ හිසේ කේශර හා චලිගයේ නැවුණු ඉහල කොටස- මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැචතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාච පැචතීම සහ මැදි පිලිචෙතට ගරු කිරිම.



ජාතික කොඩි‍ය භාවිත කළ යුතු ආකාරය


1. ජාතික ‍කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැ‍ගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය.

2. ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙ‍ළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය.
3. කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.
4.කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.
5. ජාතික කොඩිය ඔසවන අවස්ථාවක දී සීරුවෙන් සිට එස විය යුතු අතර සියලු දෙනාම නැගී සිටිය යුතුය.
6. ජාතික කොඩිය එස වූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය සිදු කළ යුතු අතර වෙනත් කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.
7.හානියට පත් වූ හෝ අවල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂණ වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට ඉහළින් වෙනත් කිසිදු ධජ ,පතාක හෝ සැරසිලි නොතිබිය යුතුය.
8.ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අසින ඇදුමක් ,ඇතිරිල්ලක් ලෙස භාවිත කළ නොහැකි අතර රාජ්‍යය / හමුදා අවමංගල්‍යයවලදී ආස්තරණයක් ලෙස භාවිත කළ හැකිය.
9.ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප්‍රදානයක දී හැර කිසිම සලකුණක් ,ලාංජනයක්,වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.
10.ජාතික කොඩියේ කුමන හෝ නිරූපනයක් අවසර රහිතව භාවිත කිරීම ද තහනම් වේ.


ශ්‍රී ලංකා ජාතික ගීය

ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කරන ලදී. (මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය "ශ්‍රී ලංකා මාතා....." යනුවෙන් වෙනස් කරන ලදී.)



ශ්‍රී ලංකා මාතා

ගීයෙහි සිංහල පදගීයේ දෙමළ පද
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා








ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நல்லெழில் பொலி சீரணி
நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
நறுஞ்சோலை கொள் லங்கா
நமதுறு புகலிடம் என ஒளிர்வாய்
நமதுதி ஏல் தாயே
நமதலை நினதடி மேல் வைத்தோமே
நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதாரருள் ஆனாய்
நவை தவிர் உணர்வானாய்
நமதோர் வலியானாய்
நவில் சுதந்திரம் ஆனாய்
நமதிளமையை நாட்டே
நகு மடி தனையோட்டே
அமைவுறும் அறிவுடனே
அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதோர் ஒளி வளமே
நறிய மலர் என நிலவும் தாயே
யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
எழில்கொள் சேய்கள் எனவே
இயலுறு பிளவுகள் தமை அறவே
இழிவென நீக்கிடுவோம்
ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංනය 
රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිම ිවී ඇත්‍‍තේ රටේ රජයට ය. වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.
රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.
සිංහයා :නිර්භීතකම
පුන්කලස :සමෘද්ධිය
ඉර සහ හඳ :චිර ජීවනය
ධාන්‍යකරල් :සශ්‍රීකත්වය
ධර්ම චක්‍රය :ධාර්මිකභාවය සහ සාධාරණත්වය
නෙළුම් පෙති :පිවිතුරුබව හා උතුම්බව   


රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු

 එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත නිර්මාණය කලාශූරී මාපලගම විපුලසාර හිමියන්ගේ ය



ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය 




                  නිල් මානෙල් මල (Nymphaea nouchali)    
         ජාතික පුෂ්පය ලෙස බොහෝ දෙනා වරදවා භාවිතා කරන දම් පැහැති විදේශීය මානෙල් මල



ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල වේ. මෙම මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

  • රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
  • උපුල්වන් දෙවිඳුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම. (මේ දෙවිඳුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
  • බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
  • මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.
  • නිල් මහනෙල් හි උද්භිද නාමය පෙර දී Nympheae Stellata වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය Nymphaea nouchali වේ.

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

නා ගස 
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගසය. එම ගසේ වැදගත්කම් කීපයක් මෙසේය.
  • මංගල, සුමන, රේවත හා සෝභිත යන සිව් බුදුවරුන් බුද්ධත්වය‍ට පත් වූයේ නා ගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම.
  • ඉතා ශක්තිමත්, අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා එවන් සවිමත් චිර පැවැත්මක් දේශයට ද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.
  • ඉතා සෞම්‍ය, පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.
  • සර්ප දෂ්ඨය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.
  • නා ගසෙහි විද්‍යාත්මක නාමය - Mesua ferrea

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා

වළි කුකුළා 
 මෙම පක්ෂියා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.
  • මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරණ දැකුම්කලු සතෙකු වීම.
  • ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.
  • ඵඩිතර සටන්කාමී කඩිසර සතෙකු වීම.
  • කුකුළා, අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.
  • වලි කුකුලාගේ ඉංග්‍රීසි නාමය - Ceylon jungle fowl

ජාතික සමනළයා

මහ කුරුලුපියා පැපිලියා 
ට්‍රොයිඩෙස් ඩාසියස් ගැහැණු සතා
රාජධානිය:
වංශය:
වර්ගය:
ගෝත්‍රය:
කුලය:
ගණය:
විශේෂය:
ටී. ඩාසියස්
ට්‍රොයිඩෙස් ඩාසියස්

ශ්‍රී ලංකාවට ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ.
 තටු විහිදූ විට තටු අතර පරතරය මිලි මීටර් 165ත් 180ත් අතර වේ. ඉදිරි තටු කළු පැහැති වේ. පසු තටු කළු පැහැති වුවත් එහි මැද කහ පැහැති හෝ රන්වන් පැහැයකින් යුක්ත වේ.




Comments

Popular posts from this blog

                                      දෙමළ බස උගනිමු  දෙමළ භාෂාවේ පිල්ලම්       ட - ට - ටානා  ට - ட ටා - டா ටි - டி ටී -    ටු  டு ටූ  ටෙ  ටේ  ටො  ටෝ  ට්   

ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තාව පිරුළු කිසියම් කියමනක් කෙටියෙන් හා අලංකාර ලෙසත් , පැහැදිලි ලෙසත් කීමට ප්‍රස්තාව පිරුළු යොදාගනී . කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි  - යම් පුද්ගලයකු හදිසියේ ධනවත් වීමෙන් වීමෙන් හෝ තනතුරු තාන්න මාන්න ලැබීමෙන් හෝ ආඩම්බරව හැසිරෙන විට  කළුවා මාරපන් ගියා වගෙයි  - යමක් හරිහැටි නොවිමසා ඇසු පමණින් නිෂ්ඵල වැඩක යෙදුණු විට  අන්ධයා ඇතාගේ සැටි කීවා වගෙයි  අබරා සිල් ගත්තා වගෙයි  ආඩි හත්දෙනාගේ කැද හැලිය වගෙයි - අනුන් රැවටීමට යාමෙන් තමාම රැවටීම  පුහුල් හොරා කරෙන් දැනේ  හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගෙයි  ගඟට ඉනි කැපුවා වගෙයි  -  නිෂ්ඵල යමක් කිරීම  පරංගියා කෝට්ටේ ගියා වගෙයි - ළඟ පාර  තිබියදී දුර පාරකින්   යාම  ගලෙන් පට්ටයක් ගන්නවා වගෙයි  - ඉතා අමාරු දෙයක් කිරීමට උත්සාහ කිරීම  බළලුන් ලවා කොස් ඇට බාවනවා වගෙයි  - තමා අනතුරින් බේරී අනුන් ලවා කරගැනීම  අන්දරේ සීනි කෑවා වගෙයි  අන්දරේ පොල් පැල සිටෙව්වා වගෙයි  මහදැන මුත්තා වී වැපුරුවා වගෙයි  ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගෙයි  ගම හාමිනේ කොණ්ඩය කප්පවා ගත්තා වගෙයි  නරියා රජුවුණා වගෙයි  කුඤ්ඤය ගැළවූ වඳුරා වගෙයි  ඉබ්බාට පැරදුණු හාවා වගෙයි