ප්‍රස්තාව පිරුළු කිසියම් කියමනක් කෙටියෙන් හා අලංකාර ලෙසත් , පැහැදිලි ලෙසත් කීමට ප්‍රස්තාව පිරුළු යොදාගනී . කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි - යම් පුද්ගලයකු හදිසියේ ධනවත් වීමෙන් වීමෙන් හෝ තනතුරු තාන්න මාන්න ලැබීමෙන් හෝ ආඩම්බරව හැසිරෙන විට කළුවා මාරපන් ගියා වගෙයි - යමක් හරිහැටි නොවිමසා ඇසු පමණින් නිෂ්ඵල වැඩක යෙදුණු විට අන්ධයා ඇතාගේ සැටි කීවා වගෙයි අබරා සිල් ගත්තා වගෙයි ආඩි හත්දෙනාගේ කැද හැලිය වගෙයි - අනුන් රැවටීමට යාමෙන් තමාම රැවටීම පුහුල් හොරා කරෙන් දැනේ හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගෙයි ගඟට ඉනි කැපුවා වගෙයි - නිෂ්ඵල යමක් කිරීම පරංගියා කෝට්ටේ ගියා වගෙයි - ළඟ පාර තිබියදී දුර පාරකින් යාම ගලෙන් පට්ටයක් ගන්නවා වගෙයි - ඉතා අමාරු දෙයක් කිරීමට උත්සාහ කිරීම බළලුන් ලවා කොස් ඇට බාවනවා වගෙයි - තමා අනතුරින් බේරී අනුන් ලවා කරගැනීම අන්දරේ සීනි කෑවා වගෙයි අන්දරේ පොල් පැල සිටෙව්වා වගෙයි මහදැන මුත්තා වී වැපුරුවා වගෙයි ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගෙයි ගම හාමිනේ කොණ්ඩය කප්පවා ගත්තා වගෙයි නරියා රජුවුණා වගෙයි කුඤ්ඤය ගැළවූ වඳුරා වගෙයි ඉබ්බාට පැරදුණු හාවා වගෙයි
සාමාන්‍ය දැනීම වර්ධනය පිණිසයි
Comments
Post a Comment