ප්‍රස්තාව පිරුළු
කිසියම් කියමනක් කෙටියෙන් හා අලංකාර ලෙසත් , පැහැදිලි ලෙසත් කීමට ප්‍රස්තාව පිරුළු යොදාගනී .
කිසියම් කියමනක් කෙටියෙන් හා අලංකාර ලෙසත් , පැහැදිලි ලෙසත් කීමට ප්‍රස්තාව පිරුළු යොදාගනී .
- කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගෙයි - යම් පුද්ගලයකු හදිසියේ ධනවත් වීමෙන් වීමෙන් හෝ තනතුරු තාන්න මාන්න ලැබීමෙන් හෝ ආඩම්බරව හැසිරෙන විට
- කළුවා මාරපන් ගියා වගෙයි - යමක් හරිහැටි නොවිමසා ඇසු පමණින් නිෂ්ඵල වැඩක යෙදුණු විට
- අන්ධයා ඇතාගේ සැටි කීවා වගෙයි
- අබරා සිල් ගත්තා වගෙයි
- ආඩි හත්දෙනාගේ කැද හැලිය වගෙයි - අනුන් රැවටීමට යාමෙන් තමාම රැවටීම
- පුහුල් හොරා කරෙන් දැනේ
- හොරාගේ අම්මගෙන් පේන ඇහැව්වා වගෙයි
- ගඟට ඉනි කැපුවා වගෙයි - නිෂ්ඵල යමක් කිරීම
- පරංගියා කෝට්ටේ ගියා වගෙයි - ළඟ පාර තිබියදී දුර පාරකින් යාම
- ගලෙන් පට්ටයක් ගන්නවා වගෙයි - ඉතා අමාරු දෙයක් කිරීමට උත්සාහ කිරීම
- බළලුන් ලවා කොස් ඇට බාවනවා වගෙයි - තමා අනතුරින් බේරී අනුන් ලවා කරගැනීම
- අන්දරේ සීනි කෑවා වගෙයි
- අන්දරේ පොල් පැල සිටෙව්වා වගෙයි
- මහදැන මුත්තා වී වැපුරුවා වගෙයි
- ගමරාල දිව්‍ය ලෝකේ ගියා වගෙයි
- ගම හාමිනේ කොණ්ඩය කප්පවා ගත්තා වගෙයි
- නරියා රජුවුණා වගෙයි
- කුඤ්ඤය ගැළවූ වඳුරා වගෙයි
- ඉබ්බාට පැරදුණු හාවා වගෙයි
- බතල කන්න පොල් තේරුවා වගෙයි
Comments
Post a Comment