2011 ජාත්‍යන්තර විශේෂ සිදුවීම්
ජනවාරි
- ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය ප්‍රබල ගංවතුරකට ලක්වෙයි
- රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මැද ටියුනීසියා ජනපති බෙන් අලී සෞදි අරාබියට පලා යයි
- බ්‍රසීලයේ ජනපති ධූරයට පත් ප්‍රථම කාන්තාව ලෙස ඩිල්මා රව්සෙෆ් දිවුරුම් දෙයි
- ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩල සාමාජිකා ගේබ්‍රියල් ගිෆර්ඩ්ස් ඇරිසෝනා ප්‍රාන්තයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි
- 68 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පැවැත්වෙයි
- රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි දොමොදෙදෝවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි
- ඊජිප්තුවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇරබෙයි
පෙබරවාරි
- ටියුනීසියාව හා ඊජිප්තුව අනුගමනය කරමින් යේමනය සිරියාව ලිබියාව ඇල්ජීරියාව ජෝර්දානය බහරේනය මොරොක්කෝව යන රටවල් පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැතිර යයි
- ඊජිප්තුවේ ජනපති හොස්නි මුබාරක් ධූරයෙන් ඉවත් වෙයි
- නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරය ප්‍රබල භූ කම්පනයකට ලක්වෙයි
- මියන්මාර ජනපති ධූරයට හිටපු අගමැති තීන් සීන් නම් කරයි
- ගංවතුරින් හානියට පත් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය හරහා යාසි සුළි කුණාටුව හමායයි
- 27 වන ඉරිදා දින ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙයි
මාර්තු
- ප්‍රබල භූමිකම්පාවකින් පසු ජපානයට සුනාමියක් එයි එහිදී දසදහසකට වැඩි පිරිසක් මියගොස් ලක්ෂ පහකට වැඩි ජනතාවකට නිවාස අහිමිවෙයි
- ජපාන භූකම්පාවත් සුනාමියත් හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවීම නිසා න්‍යෂ්ටික අර්බුදයක් උද්ගත වේ
- ෆුකුෂිමා බලාගාරයෙන් ව්කිරණ පිටවීම නිසා ජපානයෙන් ගෙන්වන ආහාර පිළිබඳ බියක් පැතිර යයි
- ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිට එරෙහිව ලිබියාව තුළ නේටෝ හමුදා මෙහෙයුම් අරබයි
- හොලිවුඩයේ සුපිරි නිළි එලිසබෙත් ටේලර් මියයයි
- පෘතුගාල අගමැති(José Sócrates ) ඉල්ලා අස්වෙයි
අප්‍රේල්
- සායි බාබා තුමා අභාවප්‍රාප්ත වෙයි
- විලියම් කේට් රාජකීය මංගල්‍යය සිදුවෙයි
- අයිවරි කෝස්ට් ජනපති ලෝරන්ට් බැග්බෝ අතඩංගුවට පත්වෙයි
- මිනිසාගේ ප්‍රථම අභ්‍යවකාශ ගමනට වසර 50ක් සපිරෙයි
Comments
Post a Comment