පයිතන් ක්‍රමලේඛකරණය (Python
Programming )
පයිතන් ක්‍රමලේඛ භාෂාව
පයිතන් උසස්/ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවකි(High
level programming language) .එමෙන්ම නිදහස් හා විවෘත (free and open sourse -FOSS
) වැඩසටහනකි.අසූව දශකයේ අග භාගය සහ අනුව දශකයේ මුල් භාගයේදී එනම් 1991 දී පමණ
නෙදර්ලන්තයේ National Research Institute for Mathematics and Computer
Science (CWI) ආයතනයේ
ගීඩෝ වැන් රෝසම් (Guido van
Rossum ) නම් ඕලන්ද ජාතික ක්‍රමලේඛ ශිල්පියා විසින් නිර්මාණය කරන ලදී .
බොහෝ දෙනා පවසන පරිදි ජාවා වලට පසුව ලොව බිහිවූ හොඳම පරිගණක භාෂාව
පයිතන් වේ .
පයිතන් විශේෂතා
- වැඩසටහනක් ලියන්නට භාවිත කලයුතු කේත ප්‍රමාණය අනෙක් භාෂාවලට වඩා අඩුය.
- කේත ලියන විට හිස්තැන් තැබීම මඟින් වැඩසටහන ගලායන ආකාරය දැක්විය හැකිය .
- වේගයෙන් කේත ලිවිය හැක.
- කේත ලිවීම සඳහා විවිධ ක්‍රමලේඛ සංකල්ප භාවිත කල හැක.
o
වස්තුගත (Object Oriented)
o
පටිපාටිගත (Procedure Oriented/Structured)
- අර්ථ වින්‍යාසක මත පදනම් වූ භාෂාවක් වීම .
පයිතන් භාෂාවේ විකාශනයට සමගාමීව පසුගිය කාලයේ විවිධ අනුවාද (Versions ) මුදා හැර ඇති අතර මෙම
මුදා හැරීම් අතර විවිධ වෙනස් කම් දැකිය හැකිය .එමෙන්ම මුල් මුදා හැරීම් වල තිබු යම් යම් අඩුපාඩු ඉවත්කර නව වෙනස්කම් වලින්
යුක්තව නව මුදා හැරීම් සිදුකෙරේ .මෙහිදී 2008 දෙසැම්බර් නිකුත් වූ python 3
අනුවාදය මුල් අනුවාදයන්ට වඩා
වෙනස්කම් ගණනාවකින් සමන්විත විය . 2014
මැයි 18 වැනි දින python 3.4.1 ද මේ වන විට python 3.4.2 හා python 3.4.3 සංස්කරණය
ද ඉදිරිපත් කර ඇත .
පයිතන් ඩවුන්ලෝඩ් කිරීම
පයිතන් වැඩසටහන් ලිවීමට හා ලියු වැඩසටහන් ධාවනය
කිරීම සඳහා පරිගණකයේ පයිතන් ස්ථාපිත කල යුතුවේ .මේ සඳහා www.python.org වෙත
පිවිස එම වැඩ සටහන භාගත කරගත යුතුය .
මේ සඳහා වෙබ් බ්‍රව්සරය විවෘත කරගෙන එහි address
bar ය තුල ඉහත වෙබ් ලිපිනය ඇතුළු කර enter යතුර තද කල යුතුය .මේ සඳහා අන්තර්ජාල
සම්බන්ධතාවය අත්‍යවශ්‍ය වේ .
එවිට පයිතන් වෙබ් අඩවියට පිවිසේ .
මෙහි download ටැබ් එක තුලින් ගියවිට ලැබෙන පිටුවෙන් සුදුසු සංස්කරණය තෝරා ගත යුතුය
අදාළ ස්ථානය මත ක්ලික් කල විට පහත අයුරු දැකගත
හැකිවේ .
Comments
Post a Comment